යෝග්‍යතා පරීක්ෂණය කල්දැමීම
*විශ්වවිද්‍යාල විද්‍යායතන වලට නවක සිසුන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ යෝග්‍යතා පරීක්ෂණය කල්දැමීම*
වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය යටතේ පවතින විශ්වවිද්‍යාල විද්‍යායතනවලට නවක සිසුන් බඳවා ගැනීම සඳහා 2024 නොවැම්බර් 30 දින පැවැත්වීමට නියමිතව තිබූ යෝග්‍යතා පරීක්ෂණය රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 07 දිනය දක්වා කල් දමනු ලැබේ. පරීක්ෂණය පැවැත්වීමට අදාළ වැඩි විස්තර විශ්වවිද්‍යාල විද්‍යායතනවල වෙබ් අඩවි මඟින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.