2025/2026 වර්ෂය සඳහා ආපනශාලාව
පවත්වාගෙනයාම.
මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ආපනශාලාව පවත්වාගෙනයාම සඳහා හැකියාවක් ඇති අයගෙන් හෝ ආයතනවලින් 2025.05.16 දින සිට 2025.05.30 දින ප:ව 2.00 දක්වා මිල ගණන් භාරගනු ලැබේ.
ටෙන්ඩර් ආකෘති පත්‍ර 2025.05.30 දින ප:ව 2.00 දක්වා වැඩකරන සතියේ දින වලදී මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ මුදල් අංශයෙන් ආපසු නොගෙවන රු:1,000 /= ක ටෙන්ඩර් ගාස්තුවක් ගෙවා ලබා ගත හැකිය. මිළ ගනන් භාර ගැනීම 2025.05.30 දින පස්වරු 2.00 ට අවසන් වේ.
ආපනශාලාව පවත්වාගෙන යාම සදහා කිසිදු මාසික කුලියක් අයකරනු නොලැබේ.
ආයතනය විසින් ජල සහ විදුලිය පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
තෝරාගනු ලබන ටෙන්ඩර්කරු ගිවිසුමට අනුව කටයුතු කිරීම සහතික වීම සදහා ආපසු ගෙවනු ලබන රු.25,000.00 ක ඇපයක් මුදලින් තැබිය යුතුය.
වැඩිදුර විස්තර සඳහා 041-2222962/967 අමතන්න.
අධ්‍යක්ෂක,
මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය,
නො: 690 , තංගල්ල පාර, මැද්දවත්ත, මාතර.
2025.05.16
Development by UCM | Copyright © 2025 | University College Matara